
පාස්කු නිවාඩු සමයේ පවුල් හිංසන සිදුවීම් වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය පවසනවා.
මෙම කාල සීමාවේදී තම ආදරනීයයන් හොදින් රැක බලගන්නා ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් පසුගිය වසරේ මෙම කාලයේදී පවුල් හිංසන එක්දහස් දෙසීය හතලිස් හතක් වාර්තා වී තිබෙනවා.

මෙය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 23 ක වැඩිවීමක් බවයි අපරාධ පිලිබද දත්ත සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන්නේ.
මෙම කාලය පවුලේ සියලුදෙනාට එක්ව ගත කල හැකි යහපත් කාලසීමාවක් බව පොලීසිය සදහන් කරනවා.

කෙසේවෙතත් මෙම කාලසීමාවේදී හිංසන සිදුවීම් වලට මුහුණදීමට සිදුවුවහොත් හැකි ඉක්මනින් පොලීසිය දැනුවත් කරන ලෙසයි ආරක්ශක අංශ මහජනතාවට දැනුම් දෙන්නේ.