Search

වික්ටෝරියා ජනප්‍රිය මුහුදු තීරයක තිදෙනෙකු ගසාගෙන යයි

වික්ටෝරියා දකුණු ප්‍රාන්තයේ ජනප්‍රිය වෙරළ තීරයක මුහුදේ ගසාගෙන යාමෙන් කාන්තාවක මියගොස් තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

අද උදෑසන 8.30 ට පමණ පිලිප් දූපතට ආසන්නයේ ඇති සැන් රෙමෝ මුහුදේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු ජලයේ ගසා ගෙන තිබුණා.

ඉන් එක් කාන්තාවක් වෙරළට පැමිණි නමුත් අනෙත් දෙදෙනා සෙවීමට හදිසි සේවා අංශ ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් කාන්තාව ජලයේ මියගොස් සිටියදී පොලිස් හෙලිකොප්ටරයක් විසින් මෙහෙයවන ලද සෝදිසි කිරීමකදී හමුවී තිබෙනවා.

පොලිසිය තවමත් පිරිමි පුද්ගලයා සොයමින් සිටින බවයි පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

දිවි බේරාගත් කාන්තාව ගිලන් රථයකින් රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »