
ඔස්ට්‍රේලියාවේ විරැකියාවෙන් පෙලෙන්නන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රතිශතයක් ලෙස ගත් කල එය සියයට හතරයි දශම එකක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.
මාර්තු මාසයේදී ශ්‍රම බලකායෙන් 3000 කට ආසන්න පිරිසක් ඉවත්ව ඇති බවද වාර්තා වල සදහන්.

විරැකියාව සුළු වශයෙන් වැඩි වුවද, මාර්තු මාසයේදී 32,000 කට වැඩි පිරිසක් රැකියා සොයා ගෙන තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණ කර ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවලට අනුවයි.

රැකියාවලට පිවිසෙන පුද්ගලයින්ගේ වාර්ෂික වර්ධනය ද වසර 20කට පසු ඉහළම මට්ටමක පැවතිය ද ජනගහනය හා සැසඳිමේදී මාර්තු මස රැකියා සඳහා සහභාගිත්ව අනුපාතය සුළු වැඩිවීමක් සිදුව ඇති බවයි සංඛ්‍යා ලේඛන පෙන්වාදෙන්නේ.
කෙසේවෙතත් මාර්තු මාසයේ පැවති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු වැනි අයහපත් කාළගුණික තත්වයන් වැඩ කාලය අඩුවීමට බලපෑ බව විශ්ලේෂකයින් පවසනවා.