
ඔස්ට්‍රේලියාවේ නවීකරණය කරන ලද විද්‍යුත් බයිසිකල් භාවිත කරන ළමුන් ප්‍රමාණය වේගයෙන් ඉහල ගොස් තිබෙනවා .
පැයට කිලෝමීටර් 80 ක වේගෙයෙන් මෙම බයිසිකලය ධාවනය කල හැකි බවයි වාර්තා වන්නේ .
වයස අවුරුදු 12 ක් පමණ වන දරුවන් මෙය වැඩි වශයෙන් භාවිත කරන බවට ක්වීන්ස්ලඩ් පොලීසිය විසින් අනාවරනය කරගෙන තිබෙනවා.

සිය පහලොස් හැවිරිදි පුත්‍රයාට මෙම බයිසිකලය භාවිත කිරීමට ලබා දීම නිසා ඊස්ට් මැකේ නම් පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු ඩොලර් 700ක දඩ මුදලක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවන් අධි තාක්ශණික බයිසිකල් වැඩි වශයෙන් භාවිත කිරීම අනතුරු ඉහල යාමට හේතු වන බව පොලීසිය සදහන් කලා.
