Search

ලොව බලගතු පුද්ගලයින් අතරට ගිය ඔස්ට්‍රේලියානුවා

ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් සිය දෙනා අතරට ඔස්ට්‍රේලියානුවෙකුත් පත්ව තිබෙනවා.

ඒ පතල් මැග්නේට් සහ හරිත බලශක්ති ශූර ඇන්ඩෲ ෆොරෙස්ට් හෙවත් ට්විගී අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා යි.

2025 ටයිම් සඟරාවේ ලොව බලවතුන් සිය දෙනාගේ ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු එම ලැයිස්තුවේ සිටින එකම ඔස්ට්‍රේලියානු ජාතිකයා වනවා.

ඔහු ෆෝටෙස්කියු මෙටල්ස් සමූහයේ (Fortescue Metals Group)  සභාපතිවරයා ලෙසයි කටයුතු කරන්නේ.

ලොව විශාලතම පතල් සමාගම වන මෙය “පිරිසිදු බලශක්ති බලාගාරයක්” බවට පරිවර්තනය කිරීම සහ ඔහුගේ පරාර්ථකාමීත්වය වෙනුවෙන් ෆොරෙස්ට් බිලියනපතියා ප්‍රශංසා ලැබ තිබෙනවා.

2040 වන විට ගෝලීය වශයෙන් ෆොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු බිලියනපතියා බල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාතිහ් බිරෝල් විසින් ලියන ලද blurb හි “ලෝකයේ ශ්‍රේෂ්ඨ කර්මාන්තකරුවෙකු” ලෙස ඇන්ඩෲ ෆොරෙස්ට් නම් කර තිබීම විශේෂයි.

ඇන්ඩෲ යනු අද ලෝකයට අවශ්‍ය වන ආකාරයේ පුරෝගාමී ව්‍යාපාරික නායකයෙකු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ අභ්‍යන්තර කවය සහ කැබිනට් අමාත්‍යවරුන් ලැයිස්තුවේ ආධිපත්‍ය දැරූ අතර, උප ජනාධිපති ජේඩී වැන්ස් සහ බිලියනපති තාක්ෂණික නිර්මාතෘ එලොන් මස්ක් ද 2025 ටයිම් සඟරාවේ ලොව බලවතුන් අතර ඉහළින් ම සිටිනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »