Search

මෙල්බන්හි එළවලු පලතුරු මිලෙහි වැඩිවීමක් ?

මෙල්බන්හි එලවලු සහ පළතුරු මිලෙහි වැඩි වීමක් සිදුවනු ඇතැයි වෙලදුන් පවසනවා. වික්ටෝරියානු රජයේ ආයතනයක් සිදු කල කුලී සංශෝදනය කිරීමේ යෝජනාව මෙයට හේතු විය හැකි බවටි ඔවු පෙන්වා දෙන්නේ.

එමගින් තමාටද දැඩි අපහසුතාවට පත්වීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජය විසින් පවත්වාගෙන යනු ලබන මෙල්බර්න් වෙළඳපොළ අධිකාරිය විසින් එපිං පහසුකම සහිත වෙලදුන් හටයි මෙම අවම කුලී වැඩි කිරීම සිදු කරනු ලැබුවේ.

මීට වසර දහයකට පෙර වෙලදුන් හට සියයට හතයි දශම හයකින් කුලී වැඩි වීම සිදු වුනා.

එහෙත් පසුගිය කාලයේදී සිදුවූ උද්ඝෝශණ සහ විරෝදතා හේතුවෙන් මෙම බදු ඉහල නැංවීමේ ප්‍රතිශතය සියයට දෙකයි දශම 4 ක් දක්වා පහල දමනු ලැබුවා.

මෙම ක්‍රියාවලියේදී වෙලදපොල අදිකාරිය මගින් කුලීකරුවන් 12 දෙනෙකුට ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවටයි වාර්තා වුනේ .

සේ නොමැති නම් ඔවුන්ට නව කුලී එකගතා ගිවිසුම් වලට අත්සන් කර හිග මුදල් ගෙවීමට දින 30ක කාලයක් ලබා දී තිබෙනවා .එසේ සිදු නොකරන වෙලදුන් නීතිමය ක්‍රියාමර්ග සදහා යොමු කිරීමට සිදු වන බවයි වෙලදපොල අදිකාරිය නිවේදනය කර ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »