
පිටසක්වල ජීවය පිළිබඳ ප්‍රබලතම ඉඟියක් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
මෙය පෘථිවි සෞරග්‍රහ මණ්ඩලයේ නොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 120 ක් දුරින් තාරකාවක් වටා කක්ෂගත වන K2-18b ලෙස හැඳින්වෙන ග්‍රහලෝකයකයි.
K2-18b වායුගෝලයේ ඩයිමෙතිල් සල්ෆයිඩ් හෝ DMS, සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් හෝ DMDS යන වායූන් 2 ක් ජේම්ස් වෙබ්ඩී අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් හඳුනාගෙන තිබෙනවා.

පෘථිවියේ, මෙම වායූන් ජනනය කරනු ලබන්නේ ජීවීන් විසින් වන අතර සමුද්‍ර ක්ෂද්‍ර ජීවීන් මගින් වීම විශේෂත්වයක්.
පර්යේෂකයින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මෙම සොයාගැනීම සැබෑ ජීවීන්ට වඩා ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පෙන්වාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණය කිරීම අවශ්‍ය බවයි ඔවුන් මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ.
K2-18 b ග්‍රහලෝකය පෘථිවිය මෙන් 8.6 ගුණයක් විශාල බවයි හෙළි වී ඇත්තේ.