Search

TikTok හි වෛරල් වූ ප්‍රේක්ෂක හැසිරීමක් මෙල්බන් සිනමා ශාලවක් අවුල් කරයි

ලොව පුරා Minecraft චිත්‍රපටය තිරගත කිරීමේදී සමාජ මාධ්‍ය තුළ වෛරල් වන ප්‍රේක්ෂකයින්ගේ කලබලකාරී හැසිරීමක් මෙල්බන් සිනමා ශාලාවකදීත් වාර්තා වනවා.

ටික්ටොක් වීඩියෝවක් ලෙස ව්‍යාප්ත වන මෙම කලහකාරී හැසිරීම ඊයේ මෙල්බන් නැගෙනහිර සිනමා ශාලාවක තරුණයින් පිරිසක් ගිනි නිවන උපකරණයක් පුපුරුවා හැරීමෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Minecraft චිත්‍රපටයේ කලහකාරී ලෙස හැසිරෙන “චිකන් ජොකී” චරිතය නිරූපනයට යෞවනයන් ටික් ටොක් හි පෙළඹී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙහි එක් විශේෂිත දර්ශනයකදී ඇතැම් යෞවනයන් පිටි සහ පොප්කෝන් ගසා කලබලකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වනවා.

මෙල්බන් සිනමා ශාලාවේ සිටි නරඹන්නෙක් ප්‍රකාශකලේ යෞවනයන්ගේ මෙම සිද්ධියෙන් බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද බියට පත්වූ බවයි.

ඔවුන් හුස්ම ගැනීමට නොහැකිව දැඩි අපහසුතා රැසකට මුහුණදුන් බව ඇය කියාසිටියා.

ප්‍රේක්ෂකයින් පෙන්වාදෙන්නේ ළමුන් ‘චිකන් ජොකී’ නම් දර්ශනයකට ප්‍රතිචාර දැක්වීමට පොප්කෝන් විසි කිරීම, අත්පුඩි ගැසීම සහ කෑගැසීම් සිදුකිරීම සමාජ මාධ්‍යවල වෛරල් ප්‍රවනතාවක් බවට පත්ව ඇති  බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »