
IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිල්ලි හි දී පැවති තරගය සම-තත්ත්වයට පත්වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දු වාරයේ දී සිය ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට නතු කරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.
රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමු ව පිතිකරණය සඳහා සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.
ඒ අනුව කේ.එල්. රාහුල් ඇතුළු දිල්ලිවරුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබා ගෙන තිබෙනවා.

අභිෂේක් පොරෙල් ලකුණු 49,කේ.එල් රාහුල් ලකුණු 38ක්ද,ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 34ක් සහ අක්සාර් පටෙල් ද ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.
කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආචර් කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ දමා තිබෙනවා.

ජයග්‍රහණයට ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 188ක් රැස් කරමින් තරගය සුපිරි පන්දුවාරයකට රැගෙන ගොස් තිබුනා.
සුපිරි පන්දුවාරය වෙනුවෙන් පළමු ව පන්දුවට පහරදීමට රාජස්ථාන්වරුන් පිටියට ආ අතර ඔවුන් පන්දුවාරය අවසානයේ ලකුණු 11ක් ලබා ගත්තේ කඩුලු 02ක් බිඳ වැටීමෙනි.
කෙසේවෙතත් දිල්ලිවරුන් සිය සුපිරි පන්දුවාරයේ පන්දු 04ක් ගෙවෙන විට ලකුණු 13ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
තරගයේ වීරයා මිචෙල් මාර්ෂ්.
මෙම ජයග්‍රහණයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මුහුණ දුන් තරග 06න් 05ක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ මුලසුන යළිත් ලබා ගැනීමට සමත් වූ බවටයි වාර්තාවන්නේ .
මේ අතර අද (17) රාත්‍රියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මුම්බායි ඉන්දියන්ස්වරුන්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග බිමට පිවිසෙන බවටයි සදහන් වන්නේ.