Search

ඔස්ට්‍රේලියා උසස් පොලිස් නිළධාරියෙකු සොරකමකින් නිදහස් වෙයි

සාක්ෂි ගබඩාවක තිබූ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ වරදට හසුවූ උසස් පොලිස් නිලධාරියෙකු නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණයකින් නියම කර තිබෙනවා.

සුඛෝපභෝගී ඔරලෝසු තුනක් සොරකම් කර පසුව ඒවා ඩොලර් 90,000 කට වැඩි මුදලකට ස්වර්ණාභරණ ශිල්පියෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම නිළධාරියා චෝදනා ලැබුවා.

2020 වසරේ කල්ලි මර්දන වැටලීමකදී අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ඔරලෝසු ඇතුළු ඩොලර් 410,085 ක හිමිකම් ආපසු හිමිකරුවන්ට ලබා දෙන ලෙස බ්‍රිස්බන් අධිකරණය පසුගියදා නියෝග කළා.

එහෙත් එම භාණ්ඩ ආපසු ලබාදීමට පොලිස් කොමසාරිස්වරයාට නොහැකිවී ඇති බවයි සොලිසිටර්වරයා නඩුවකදී දැනුම්දී ඇත්තේ.

ඒ අනුව එම භාණ්ඩ භාරව සිටි මෙම උසස් පොලිස් නිලධාරියාට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

කෙසේවෙතත් මෙම පොලිස් නිලධාරියාට එරෙහිව ඉදිරිපත්වූ සාක්ෂි ප්‍රමාණවක් නොවන බව සලකා ජූරියේ සාමාජිකයින් විසින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »