Search

ජාත්‍යන්තර මිනීමරුවන් කුලියට ගැනීමට උත්සහ කළ ඔස්ට්‍රේලියානු දරුවාට ඇපත් නෑ

විදෙස් රටවලින් මිනී මැරුම් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට උත්සහ කළ 15 හැවිරිදි දරුවෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ මිනී මැරුම් කල්ලි කුලියට ගැනීමට මෙම දරුවා උත්සහ කරන බවට ඩෙන්මාර්ක් පොලීසිය මෙරටට දැනුම් දී තිබෙනවා.

පසුව එම තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූ ෆෙඩරල් පොලීසිය මෙම පිරිමි ළමයා බටහිර සිඩ්නි හිදී  අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ..

ඔහු ඔස්ට්‍රේලියාවේ වෙසෙන 15 හැවිරිදි විදේශීය ජාතිකයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මොහු කල්ලි යුද්ධවලට සම්බන්ධ අන්තර්ජාතික අපරාධ කල්ලියක් වෙනුවෙන් මෙය සිදුකර ඇති බවයි පොලීසිය චෝදනා කරන්නේ.

ඝාතන කොන්ත්‍රාත්තුවක තුන් වන පාර්ශවයක් ලෙස සාපරාධී ක්‍රියාවක යෙදීම, මිනී මැරුම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය යන චෝදනා, අපරාධයක් ලෙස සලකන බවයි ෆෙඩරල් පොලීසිය අවධාරණය කළේ.

මෙම නව යොවුන් දරුවාට ඩෙන්මාර්කයේදී ද අපරාධ චෝදනා එල්ල වන අතර ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සම්බන්ධ වූ බවට ෆෙඩරල් පොලීසිය දන්වා සිටියා.

15 හැවිදරි දරුවාට ඇප ලබාදීම ඊයේ ප්‍රතික්ෂේප වී ඇති අතර ලබන ජූනි 11 වනදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »