
ඔස්ට්‍රේලියාවේ රත්‍රං නිෂ්පාදනය මේ වසරේ ඉහළ මට්ටමකට ළඟා වී තිබෙනවා.
ලොව විශාලතම රත්‍රං නිෂ්පාදකයා ලෙස ඔස්ට්‍රේලියාව තවමත් තුන් වන ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.
මේ වසර ආරම්භයේදී රන් මිලෙහි සාමාන්‍ය මිල වාර්තා වුයේ ඩොලර් 5223 ක් ලෙසයි.

එය අප්‍රේල් මාසයේදී 7.4% කින් ඉහළ ගොස් ඩොලර් 5382 ක් ලෙස වාර්තා වනවා.
මැයි මාසයේ ඔස්ට්‍රේලියාවේ රත්‍රං මිල ඩොලර් 5533 ක් දක්වා ඉහළ යනු ඇති බවයි විශ්ලේෂකයින් අනාවැකි පළකරන්නේ.

2024 වසරේදී ඔස්ට්‍රේලියානු රන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 290 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති අතර එය පෙර වසරේ මෙට්‍රික් ටොන් 296 ක්ව පැවතුණා.
නිව්මොන්ට්, බොඩින්ටන් සහ කැඩියා නිම්නය ඇතුළු විශාල රන් පතල් කිහිපයක නිවහන වන්නේ ඔස්ට්‍රේලියාව යි.
ඔස්ට්‍රේලියාව ඉහළම රන් නිෂ්පාදකයින්ගෙන් සහ විශාලතම සංචිතවලින් එකක් ලෙස ද සැලකෙනවා.
එය මෙට්ට්‍ර්ක් ටොන් 12,000 ක් ලෙසයි වාර්තා වන්නේ.
ලොව විශාලතම රන් නිෂ්පාදකයා ලෙස චීනයත්, රුසියාවත් ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව තවමත් ඉදිරියෙන් පසුවනවා.