
මෙල්බන් හි තදාසන්න ප්‍රදේශයක නිවාස මිල සියයට 25 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව Frankston North හි පසුගිය වසර 5 තුළ නිවසක සාමාන්‍ය මිල සියයට 40 කට ආසන්න වී ඇති බවයි ඩොමේන් පවසන්නේ.
එම ප්‍රදේශයේ මිල වසර 5 කට පෙර පැවතියේ ඩොලර් 595,000 ක් ලෙසයි.

ඒ අනුව Frankston North හි දැන් නිවාසයක මිල ඩොලර් මිලියන 1.1 ක් වනු ඇති බවයි ඩොමේන් පෙන්වාදෙන්නේ.
මුහුදුබඩ ප්‍රදේශයක් වන Frankston North හි නගරයේ පුදුම සහගත ලෙස දේපළ වෙළඳාම උණූසුම් වී තිබෙනවා.

ඒ අනුව සිඩ්නි ආයෝජකයින් Frankston North හි දේපළ වෙළඳාමට ආයෝජනය කරනු ඇති බව O’Brien Real Estate හි නියෝජිතවරයෙකු සඳහන් කළා.