
ඔස්ට්‍රේලියාවේ වසංගතයක් ලෙස ව්‍යාප්ත වන රෝගයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය මෑතදී ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළිව තිබෙනවා.
නිදන්ගත වකුගඩු රෝග පිළිබඳ දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.69 ක් වාර්තා වන බවයි එම සංඛ්‍යා ලේඛනයේ දැක්වෙන්නේ.
එය දශකයක වැඩි කාලයක් තුළ මිලියනයක පමණ වැඩිවීමක් බව දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.

2011-12 වසරෙන් පසු වකුගඩු රෝග පිළිබඳ ජාතික දර්ශක ඇගයීමට ලක්කළ පළමු අවස්ථාව මෙය වනු ඇති.
ඔස්ට්‍රේලියනු වැඩිහිටියන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු, එනම් සියයට 14.2 ක් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බවද හෙළි වී තිබෙනවා.

එය 2012 වසරේ පැවතියේ සියයට 10.8 ක් ලෙසයි.
කණස්සල්ලට කරුණ නම් නිදන්ගත වකුගඩු රෝගයේ ලක්ෂණ ඇති මිලියන 2.49 ක් පමණ තවමත් තමන්ට රෝගය ඇති බවට නොදන්නා බවයි.
වැඩිහිටියන්ගෙන් සියයට 7.4 ක් පමණක් වකුගඩු රෝගය වැළඳී ඇති බව ස්වයංව වාර්තා කර තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිළධාරී ක්‍රිස් ෆෝබ්ස් කියාසිටියේ මෙම සංඛ්‍යා ලේඛන මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් පෙන්වාදෙන බවයි