Search

ස්ත්‍රී පුරුෂ වැටුප් අසමතුලිතතාවයට ඓතිහාසික තීන්දුවක්

ස්ත්‍රී පුරුෂ වැටුප් අසමතුලිතතාවයට සාධාරණයක් ලෙස සාධාරණ වැඩ කොමිෂන් සභාව විසින් ඓතිහාසික තීන්දුවක් ලබාදී තිබෙනවා.

කාන්තා අධි ශ්‍රම බලකායක් සහිත කර්මාන්තවල ඔස්ට්‍රේලියානුවන් සිය දහස් ගණනකට සියයට 35 ක් දක්වා වැටුප් ඉහළ නංවන ලෙසයි ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පසුගියදා ඉල්ලා සිටියේ.

ඒ අනුව සාධාරණ වැඩ කොමිෂන් සභාව (FWC) අද සිය තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඇතැම් ළමාරක්ෂක සේවකයින්, ඖෂධවේදීන්, දන්ත සහායකයින් සහ චිකිත්සකයින්, අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් සහ සමාජ සේවකයින් ඇතුලු සියල්ලන්ම කාණ්ඩ 5 කින් ආවරණය වන පරිදි වැටුප් ඉහළ නැංවීමටයි කොමිසම තීරණය කර ඇත්තේ.

ඒ අනුව බලපෑමට ලක්වූ ඖෂධවේදීන්ට සියයට 14.1 ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති අතර මෙම වසරේ ජූනි සිට 2027 ජූනි දක්වා අදියර වශයෙන් එය බලාත්මක වනු ඇති.

ඉතිරි කම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත වැටුප් වැඩිවීම් පසුව තීරණය කර ඇති නමුත් සියයට 35.23 ක ඉහළ වැටුප් අනුපාතයක් FWC හි විශේෂඥ මණ්ඩලය නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කම්කරුවන්ගෙන් මිලියන භාගයකට අධික කම්කරුවන් මෙම තීරණයෙන් ප්‍රතිලාභ ලබන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පෙන්වාදෙනවා.

මේ අතර සාධාරණ වැඩ කොමිෂන් සභාව ඊයේ ලබාදුන් ඓතිහාසික තීන්දුව වෘත්තීය සමිතිවල ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »