Search

ඔස්ට්‍රේලියාවේ තැපැල් ඡන්දය ගැන දැනුවත් කිරීමක්

ෆෙඩරල් මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 23 වනදා සවස 6 වනවිට අවසන් බව ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම පවසනවා.

මැයි 3 වනදින පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථානයට යා නොහැකි අය ඇත්නම් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ හැකි බවයි කොමිසම කියාසිටියේ.

ඒ සඳහා පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිෂන් සභාව වෙත තැපැල් ඡන්ද අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතු වනවා.

එවිට AEC විසින් ඔබට තැපැල් ඡන්ද බන්ඩලයක් ආපසු එවන අතර එහි ඡන්දය සඳහා අවශ්‍ය සහතික, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පත්‍රිකා, ලියුම් කවරයක් සහ තොරතුරු පත්‍රිකාවක් ඇතුලත් වනවා.

දෙවන පියවර වන්නේ සහතිකය සම්පූර්ණ කිරීම, ඔබේ ඡන්ද පත්‍රිකා පිරවීම සහ ඒ සියල්ල ලියුම් කවරයට දමා තැපෑලෙන් AEC වෙත ආපසු යැවිය යුතුයි.

එසේ නැත්නම් අප්‍රේල් 23 වන දින සවස 6 වනවිට එය රැගෙන ගොස් භාරදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියා.

ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද මධ්‍යස්ථානයෙන් කිලෝ මීටර් 8 ක වැඩි දුරකින් සිටින, බරපතල රෝගාබධයකින් පෙළෙන්නන්, මෑතකදී දරු ප්‍රසූතියක් සිදුකළ හෝ එසේ කිරීමට අපේක්ෂා කරන කාන්තාවන් හෝ පුද්ගලයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබනු ඇති.

ආබාධිත පුද්ගලයින් හෝ ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයින් සඳහා මෙන්ම රෝහල්ගතව සිටින රෝගීන්, ඡන්ද ස්ථානයකට සහභාගී වීම වළක්වන ආගමික විශ්වාසයන් ඇති පුද්ගලයින්, රැඳවුම් භාරයේ සිටින සිරකරුවන් හා ආරක්ෂාව ගැන සාධාරණ බියක් ඇති පුද්ලයින්ට ද තැපැල් ඡන්දයට ඉල්ලුම් කළ හැකි වනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »