Search

$ ලක්ෂ ගණනක වංචාවක් කළ මෙල්බන් ව්‍යාපාරිකයා

ඩොලර් සිය දහස් ගණනක බදු වංචා කළ මෙල්බන් වැසියෙකු සිරගත කර තිබෙනවා.

ජෝෂ් මෙරට් නම් මෙම පුද්ගලයා සිය ව්‍යාපාරය සඳහා ABN භාවිත කර අසත්‍ය තොරතුරු ඇතුලත් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කියාසිටින්නේ.

එහි විමර්ශකයින් සහ ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය විසින්  සැකකරුගේ නිවස සෝදිසි කර තිබෙනවා.

එහිදී කිසිදු වාණිජ හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අනුකූළ විකුණුම් හෝ මිලදී ගැනීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවයි ඔවුන් පවසා ඇත්තේ.

මෙම මෙල්බන් වැසියාට ඩොලර් 390,000 කට අධික මුදලක් වංචනිකව  GST ආපසු ගෙවීම් ලෙස ලබාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම තවත් ඩොලර් 330,000 ක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කියාසිටියා.

රැවටීමෙන් මූල්‍යමය වාසි ලබාගැනීම හා උත්සය කිරීම ඇතුළු පොලීසියට දුරකථන පාස්කෝඩ් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම වැනි නියෝග පිළිනොගැනීම යන චෝදනා මත ඔහු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ජෝෂ් මෙරට් චූදිතයාට වසර 2 යි මාස 11 ක සිරදඩුවමක් නියම කිරීමටයි අධිකරණය තීරණය කර ඇත්තේ.