
ඇමරිකාව පැනවූ නව බදු ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ට්‍රම්ප් බදු ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට රැකියා රැසක් අහිමිවීමේ අවදානමක් පවතින බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන්නේ.
මෙය හදිසි අවස්ථාවක් සේ සලකා ශ්‍රී ලංකා රජය ගන්නා තීරණ රටට හෙළිකරන්නැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

“තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය… බෝඩින් කාමර දෙන අය, කඩ සාප්පු කරන අය.. ඒ හැම කෙනාගෙම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවෙලා තියෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් අමෙරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විඳන්නේ. ඒ නිසා මේක හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මේ තත්ත්වය ගැන ප්‍රකාශයන් නොකරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා.”