Search

මාලදිවයින ඊශ්‍රායලයට දැමූ තහංචිය

මාලදිවයින ඊශ්‍රායල විදේශ බලපත්‍ර හිමියන්ට රට තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ගාසා හි යුද්ධයට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකළ බවයි මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිස්සු ඊයේ නිවේදනය කළේ.

තහනම් කිරීමට අදාල ආගමන පනත සංශෝධනය කර ඇති බවද මාලදිවයින් ජනාධිපතිවරයා කියාසිටියා.

ඊශ්‍රායලය පලස්තීනය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම බිඳ දැමීමෙන් පසු මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙය පලස්තීනයේ පවතින හිංසනයන්ට ‍එරෙහිව මාලදිවයිනය ගත් ස්ථාවරයක් බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

මාලදිවයින, පලස්තීන ජනතාව සමග සිය නොසැලෙන එකමුතුව නැවත තහවුරු කළ බව මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබා තිබෙනවා.