
ඔස්ටේ්‍රලියාවේ ජාතික අයවැය ලේඛණය අද රාත්‍රී 07 යි 30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
එහි අඩංගු විය හැකි බවට අනාවැකි පළවු යෝජනා පිළිබඳ පසුගිය වකවානුවේ අපි ඉදිරිපත් කල කරුණු පහතින් දැක්වේ.
ඉදිරි වසර 04 සඳහා කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක මුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ පියයුරු පිළිකා තුරන් කිරීම සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි.
තම සහකරු හෝ සහකාරිය නොමැතිව දරුවා සමග පමණක් ජීවත්වන පුද්ගලයන්ට (Single parents) නව නිවසක් මිළදී ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සුවිශේෂී වරප්‍රසාදයක් අත්කරදීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වෙයි.

ඒ අනුව ඩොලර් 125,000 කට අඩු වටිනාකම සහිත නිවසක මුලු වටිනාකමින් සියයට 02 ක් පමණක් ගෙවා නිවසක් මිළදී ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත.
දැනට රට තුළ 125,000 ක පමණ පිරිසක් Single parents ලෙස සිටින අතර එයින්ද සියයට 80 ක් පමණ කාන්තාවන් බව සඳහන්.
කෙසේවෙතත් පළමු අධියරේදි මෙම වරප්‍රසාදය අත්වන්නේ 10,000 කට පමණි.
මේ අතර පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් superannuation අරමුදලින් ලබාගත හැකි මුදල ඩොලර් 30,000 සිට 50,000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක්ද මෙවර අයවැයට අන්තර්ගත වනු ඇති.
ආගන්තුක සත්කාර (Hospitality) සහ සංචාරක (Tourism) ක්ෂේත්‍රයේ අර්ධකාලීන (Part time) රැකියාවල නිරත වන ජාත්‍යන්තර සිසුන්ට ඉදිරි අයවැයෙන් සුභදායක ආරංචියක් අසන්නට ලැබෙන බවට වාර්තා වනවා.
එනම් ඔවුන්ට රැකියාවල නිරතවීමට දැනට ඇති සතියකට පැය 20 නොඑසේනම් සති 02 කට පැය 40 ක් යන සීමාව අයවැයෙන් ඉවත් කෙරෙන බවට ඉගි පළවීමයි.