Search

පාස්කු නිවාඩුවේ Liquor Shops විවෘත වන වේලාවන්

පාස්කු නිවාඩුවේ මත්පැන් වෙළඳ සැල් විවෘත වන ස්ථාන පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වික්ටෝරියාවේ මහ සිකුරාදා දින මත්පැන් වෙළඳ සැල් වසා දැමන බවයි වාර්තා වන්නේ.

එහෙත් අවන්හල්, කැෆේ වැනි ස්ථානවලදී මත්පැන් බීමට අවසර දී තිබෙනවා.

පාස්කු සෙනසුරාදා සහ ඉරිදා නැවත සාමාන්‍ය පරිදි වික්ටෝරියා වෙළඳසැල් විවෘත වනු ඇති.

නිව් සවුත්වේල්ස් හි ලබන බ්‍රහස්පතින්දා ප්‍රාන්තය පුරා මත්පැන් වෙළඳාම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

මහ සිකුරාදා බොහෝ සිල්ලර වෙළඳ සැල් වසා දැමෙනු ඇති බවයි නිව් සවුත්වේල්ස් නිවේදන කරන්නේ.

කෙසේවෙතත් මහ සිකුරාදා දින බලපත්‍ර ලාභී අවන්හල් සඳහා එම ස්ථානයේදී මත්පැන් බීමට හැකියාව පවතිනවා.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හිදී සාමාන්‍ය පරිදි නිව් සවුත්වේල්ස් හි මත්පැන් වෙළඳ සැල් විවෘත වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

බොහෝ ප්‍රාන්තයන්හි මහ සිකුරාදා දින මත් පැන් වෙළඳසැල් වසා දැමෙන අතර සෙනසුරාදා සහ ඉරිදා සිට ඒවා යළි විවෘත වනු ඇති.