
ජනප්‍රිය මෙක්සිකානු ආහාරදාමයක් වන Taco Bell ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලින් අතුරුදන් වනු ඇතැයි මාධ්‍ය වාර්තා පළකරනවා.
ඒ Guzman y Gomez සමග තරඟ කිරීමට ඇති අපහසුතාව හේතුවෙන්.
ඔස්ට්‍රේලියානු Taco Bell සහ KFC හි ක්‍රියාකරුවකු ඊයේ නිවේදනය කළේ Taco Bell ව්‍යාපාරය සඳහා ගැණුම්කරුවෙකු සොයන බවයි.

ඒ අනුව ඉදිරි මාස 12 තුළ ගැණුම්කරුවෙකු සොයා නොගත හොත් ඔස්ට්‍රේලියාවේ Taco Bell වෙළඳසැල් වසා දැමීමටයි සමාගම තීරණය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාව පුරා Taco Bell වෙළඳ සැල් 37 ක් වන අතර ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ශාඛා 27 ක් ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් මෙම තීරණය වෙළඳ සැල් 10 කට පමණක් බලපානු ඇති බවයි එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියාසිටියේ.