Search

ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර සිසුන්ට දැනුම්දීමක්

කුලී බැඳුම්කර හෝ රෙගුලාසි මගින් නියම කර ඇති ඕනෑම ගාස්තුවක් හැර වෙනත් කිසිදු ගෙවීමක් ඉඩම් හිමියෙකුට අය කිරීම තහනම් බව ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර සිසුන්ට දැනුම් දෙනවා.

2010 නේවාසික නිවාස පනත යටතේ ඒ බව මනාව පැහැදිලි කර ඇති බවයි ඔස්ට්‍රේලියා සිවිල් හා පරිපාලන විනිශ්චය සභාව දැනුම්දෙන්නේ.

ඔස්ට්‍රේලියාවට යාමට සූදානම් වූ ජාත්‍යන්තර ශිෂ්‍යාවකගෙන් සිය මහල් නිවාසයට පැමිණීමට පෙර බැඳුම්කර ගෙවීම් සඳහා ඩොලර් 7600 ක් ඉල්ලා තිබෙනවා.

2024 පෙබරවාරි මාසයේ පශ්චාත් උපාධිය හැදෑරීමට ඇය විශ්ව විද්‍යාලය අසල සිඩ්නි හි නිවසක් සඳහා ස්ථාවර මාස 12 ක බදු අත්සන් කරනු ලැබුවා.
ඇය සිය මව් රටේ සිට පැමිණි බැවින් නිවස පෞද්ගලික පරීක්ෂාවකින් තොරව වීඩියෝ දර්ශන මත විශ්වාසය තමා දේපළ කුලියට ගැනීමට එකඟ වුණා.

ඇය අවසානයේ සතියකට ඩොලර් 1150 කට මෙම අංග සම්පූර්ණ මහල් නිවාසය කුලියට ගෙන තිබෙනවා.

නේවාසික කුලී ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ශිෂ්‍යාවට ඩොලර් 4600 ක සති 4 ක කුලිය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඩොලර් 3000 ක අතිරේක ගෘහ භාණ්ඩ කුලී ගිවිසුමක් ද අත්සන් කිරීමට නිවෙස් හිමියා ශිෂ්‍යාවගෙන් ඉල්ලා සිටියා.

අනතුරුව මාස 4 කට පසු ඇය නිවෙස් හිමියාට කිසිදු දැනුම්දීමක් නොකර නිවස අතහැර ගොස් තිබුණා.

මේ අතර නිවෙස් හිමියා සිය ගෘහ භාණ්ඩවල පිරිවැය ඩොලර් 8000 ක් පමණ වන නමුත් ඩොලර් 3000 ක බැඳුම්කරය මගින් කුලී නිවැසියන්ගේ අවදානම සහ අලාභයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් නිව් සවුත් වේල්ස් සිවිල් හා පරිපාලන විනිශ්චය සභාවට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

කරුණු සියල්ල සලකා බැලීමෙන් පසු නිව් සවුත්වේල්ස් සිවිල් හා පරිපාලන විනිශ්චය සභාව ඉඩම් හිමියාගේ අභියාචනය නිෂ්ප්‍රභා කර ඇති බවයි වාර්තා වන්නේ.