
සෑම ප්‍රාන්තයකට පාහේ පාස්කු දිගු සති අන්තයේ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
නමුත් දින 4 ක කාලයකින් පසු කාලගුණය දැඩි උණුසුමක් ගනු ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ඇතැම් ප්‍රාන්තවල සති අන්තයේ පැහැදිලි අහසකින් දිනය ආරම්භ කරන නමුත් ඇතැම් ප්‍රාන්ත වළාකුළු සහිත කුණාටු තත්වයන් පවතිනු ඇති බවයි අනාවැකි පළකරන්නේ.
මෙල්බර්න් හි සිකුරාදා දින ගිගුරුම් සහිත වැසි සමඟ ආරම්භ වන අතර එහි උෂ්ණත්වය අංශක 22 ක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාපතනය සෙනසුරාදා දක්වා පවතිනු ඇති අතර එදින අංශක 13 ක අඩු උෂ්ණත්වයක් යටතේ පවතිනු ඇති.
මෙල්බන් හි පාස්කු ඉරිදා සහ සඳුදා දිනවල වැසි ඉවත් වනු ඇති අතර අව්ව සහිත තත්වයන් සහ උෂ්ණත්වය අංශක 18 දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යංශය කියාසිටියා.