Search

රුසියාව ඉන්දුනීසියාවට කළ යෝජනාව ඔස්ට්‍රේලියාවටත් බලපායිද?

ඉන්දුනීසියාවේ දිගු දුර ගුවන් යානා ස්ථානගත කරන ලෙස රුසියාව කළ ඉල්ලීම පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ ඩාවින් සිට කිලෝමීටර් 1300 ක් දුරින් පිහිටි ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ගුවන් යානා ස්ථාපිත කර ගන්නා ලෙස රුසියාව නිළ වශයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදා වෙබ් අඩවියක් වන ජේන්ස් ඊයේ සඳහන් කර තිබුණා.

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් බුටින් මෙම ගුවන් යානය පැපුවා හි Biak Numfor හි ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කිරීමට උත්සහ කරන බවටයි වාර්තා වන්නේ.

අගමැති ඇල්බනීස් පවසන්නේ ජාත්‍යන්තර සබඳතා සමග කටයුතු කරන්නේ නම් මේ පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු නිළධාරීන් ඉන්දුනීසියා බලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර රුසියාවේ යෝජනාවට එකඟ නොවනු ඇතැයි විශ්වාසය පළකරනවා.

ඉන්දුනීසියාව තවමත් රුසියාවට ප්‍රතිචාර දක්වා නොමැති බවයි ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලිස් තහවුරු කර ඇත්තේ.