
වික්ටෝරියානු විෂය මාලා හා ඇගයීම් අධිකාරී මණ්ඩලය (VCAA) ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
පසුගිය වසරවල සිදුවූ VCE විභාග ගැටළු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් ඊයේ ප්‍රකාශ කළේ.
12 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති සාමාන්‍ය ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෝෂ 02 ක් සම්බන්ධයෙන් ද 2023 වසරේ විශාල පිරිසක් VCE විභාගයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

VCE විභාගයට අදාල විවිධ විෂයන් 65 ක් හරහා විභාගයට අන්තර්ගත නියැදි පිටු 6000 ක් පමණ අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් මගින් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
වසර ගණනාවක සිට VCE විභාගයේ විවිධ ගැටළු වාර්තා වුණා.

එහෙත් VCAA ආයතනය ඒවා නිවැරදි කිරීමට අදාල කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍ය කැරොල් පවසන්නේ.
දුර්වල කළමණාකරණය සහ සැලසුම් ක්‍රමය බිදඳමා ඉදිරිපත් වූ ස්වාධීන යෝජනා ක්‍රම 8 ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වී තිබෙනවා.