
ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනාවක් මත සිය පොලිස් සැමියාට එරෙහිව අධිකරණයට ගිය නිර්භීත කාන්තාවක් පිළිබඳ දකුණු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
Stella Magnasalis වන මෙම කාන්තාවට සහ තරුණ දියණියට වසර ගණනාවක සිට සිය සැමියා වන Matthew Thomson හිංසන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අධිකරණයේ මහජන ගැලරිය අත්පොළසන් දී ඇයව දිරිමත් කර ඇති බවද වාර්තා වනවා.

ස්ටෙලා අධිකරණයේදී කියාසිටියේ තමා සහ දියණිය වසර 5 ක සිට තොම්සන්ගෙන් සිතාගත නොහැකි පහරදීම්වලට මුහුණ දුන් බවයි.
සිය පියා මූණට පහරදීමෙන් දිනක් ඇගේ නාසය ලේ වලින් පිරීගිය බවද දියණිය විනිසුරුවරයා ඉදිරියේ පවසා තිබෙනවා.
හිටපු රහස් පරීක්ෂකයෙකු වූ තොම්සන් අධිකරණයේදී බොහෝ වේලාවක් නිහඩව සිට ස්ටෙලාට සවන් දෙමින් සිටි බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පොලීසියට කිහිප වතාවක් ම පහරදීම් පිළිබඳ දැනුම්දුන් නමුත් ඒවා නොසලකා හැරි බවයි ඇය චෝදනාකර සිටියේ.
තොම්සන් පහරදීමේ චෝදනා 6කට ඊයේ වරද පිළිගත් අතර නඩුව ලබන ජූනි මාසයේදී නැවත කැඳවීමට නියමිතයි..
නීතීඥයින් විශ්වාස කරන්නේ මෙම පොලිස් නිළධාරියාට මේ වසර අවසානය තෙක් දඩුවම් හිමිවනු ඇති බවයි.