
ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිෂන් සභාව ෆෙඩරල් මැතිවරණය සඳහා ග්‍රාමීය සහ ප්‍රාදේශීය කම්කරුවන් සොයමින් සිටිනවා.
ඔස්ට්‍රේලියා උතුරු ප්‍රදේශය, ප්‍රාදේශීය ක්වින්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රදේශවලත් දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියාව සහ නිව් සවුත්වේල්ස් තදාසන්න ප්‍රජාවට මැතිවරණ කටයුතු සඳහා ඉල්ලුම් කළ හැකියි.
ඡන්ද ගණන් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවලට උදව් කිරීම සහ පරිපාලනය ඇතුළු කාර්යන් සඳහා ඔවුන් යොදාගැනීමට නියමිතයි.

ඒ සඳහා පෙර අත්දැකීම් අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාව පුරා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙවර වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටිනවා.

සෑම කෙනෙකුට ම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සහතික කරමින් බඳවා ගැනීම් ඉහළ නංවමින් සිටින බවයි මැතිවරණ කොමිසම කියාසිටින්නේ.
අමතර මුදලක් උපයා ගැනීමට ඇති අවස්ථාව මෙන්ම ප්‍රජාවට සහය දැක්වීම වෙනුවෙන් වයස අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට මේ සඳහා එක්වන ලෙසයි මැතිවරණ කොමිසම ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.