Search

මෙල්බන් හි සොරකම්වලට සම්බන්ධ 19 ට අඩු ළමුන් කිහිපයක් අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් 8 ක් සම්බන්ධයෙන් තරුණයින් 5 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8 සිට අද අලුයම 1 දක්වා කාලයේ සිගරට් වෙළඳසැල් සහ සේවා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම පිරිස මංකොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 15 ත් 19 ත් අතර වයස්වල පසුවන්නන් වනවා.

ප්‍රදේශවාසීන් පැමිණිලිකර ඇත්තේ මංකොල්ලකරුවන් කළු පැහැයෙන් සැරසී ආයුධ සන්නද්ධව මෙල්බන් හි නැගෙනහිර දෙසින් ගමන් කර ඇති බවයි.

මෙම පිරිස වෑන් රථයකින් ඊයේ රාත්‍රී 8 ට පමණ මෙල්බන් හි කිරි හළක මංකොල්ලකෑමක් සිදුකර තිබෙනවා.

පසුව සිගරට් වෙළඳ සැලක් කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මොවුන් පස් දෙනා සුනඛ බලකායේ සහය ඇතිව අත්අඩංගුවට පත්වූ බවයි වික්ටෝරියා පොලීසිය කියාසිටියේ.

මෙම තරුණයින් අද මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »