Search

කාන්තාවක් දූෂණය කළ පොලිස් නිලධාරියාට නඩු

ඔස්ට්‍රේලියා පොලිස් නිළධාරියෙකු කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු පැය භාගයක් තුළ කාන්තාව දෙවරක් දූෂණය කර ඇති බවයි ෆෙඩරල් පොලීසිය පවසන්නේ.

ජේඩන් තුර්ක් නම් මෙම කොස්තාපල්වරයා 2023 සැප්තැම්බර් මාසයේදී හෝටලයකදී කාන්තාවක් හමුවීමෙන් පසු ඇයට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

25 හැවිරිදි ඇයව කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වුණා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නිව් සවුත්වේල්ස් පොලිසියෙන් වැටුප් නොමැතිව වැඩ තහනමකට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් අද නඩුව මාස 3 කට කල්තැබීමටයි විනිසුරුවරයා තීරණය කර ඇත්තේ.