ඩුබායි – අබුඩාබි හරහා වෙන රටවලට යන්න සිටි ලාංකිකයන්ට පණිවිඩයක්

ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු රටවල් 04 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

පකිස්ථානය – බංග්ලාදේශය සහ නේපාලයේ සිට පැමිණෙන පුද්ගලයන්ටද ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙය අදාළ වන අතර වෙනත් රටකට යාම සඳහා පැමිණෙන මගීන්ට තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ගමන් කිරීමට අවස්ථාව පවතිනවා.

එමෙන්ම ගතවූ දින 14 ක කාලය තුළ මෙම රටවල් 04 හි කාලය ගතකර ඇති ඕනෑම අයෙකුටද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

එක්සත් අරාබි රාජ්‍යයට අයත් ඩුබායි – අබුඩාබි සහ ශාජා ඇතුලු සියලු ගුවන් තොටුපළ සඳහා මෙම නියමයන් බලාත්මක වනු ඇති.

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »