Search

Fingerprint ප්‍රතික්ෂේප කළ ඔස්ට්‍රේලියා අපරාධ නායකයා

ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සංවිධානයක ඔස්ට්‍රේලියානු ප්‍රධානියා ලෙස සැලකෙන පුද්ගලයා අත් සලකුණු ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

37 හැවිරිදි Daniel Wayne John Roberts  නම් මෙම පුද්ගලයා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රිස්බන් හිදී කොකේන් කිලෝ ග්‍රෑම් 900 ක් සමග අත්අඩංගුවට ගැණුනා.

ඔහු 2023 වසරේ ක්වින්ස්ලන්ඩ් හි කොකේන් ආනයනයකට ද මොහු සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඩොලර් මිලියන 683 ක කොකේන් ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා රොබට්ස්ට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
ක්වින්ස්ලන්ඩ් නියෝජ්‍ය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා 2024 වසරේදී පොලීසියට නියෝග කර සිටියේ අපරාධකරුගේ ඇඟිලි හා අත් සලකුණු ලබාගන්නා ලෙසයි.

කෙසේවෙතත් ඇගිලි සලකුණු පර්යේෂකයා පවසන්නේ රොබට් අත්අඩංගුවට ගන්නා විට තිබූ සලකුණුවලට වඩා දැන් සලකුණු වෙනස් වී ඇති බවයි.

එය නැවත ලබාගැනීම වෙනුවෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියද රොබට් අත් මුද්‍රණ ක්‍රියාපටිපාටියට එකඟවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුගේ අපරාධ චෝදනාව ලබන මැයි මාසයේදී නැවත විභාගයට ගැනීමට නියමිතයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »