Search

ඔස්ට්‍රේලියාවේ දිගු නිවාඩුවට පෙර පෙට්‍රල් මිලෙහි වෙනසක්

ඔස්ට්‍රේලියාවට ඉදිරි දිගු නිවාඩුවට පෙර පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුවනු ඇතැයි අනාවැකි පළකෙරෙනවා.

ලෝක බොරතෙල් මිලෙහි තියුණු ලෙස පහත වැටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා පෙට්‍රල් මිලෙහි අඩුවක් සිදුවනු ඇති බවයි ආර්ථික NRMA පර්යේෂකයින් විශ්වාස කරන්නේ.

එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ සති කිහිපයක් තුළ ගෝලීය බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.

පසුගිය සතිය තුළ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 10 කින් පහත වැටුණා.

ඒ හේතුවෙන් පාස්කු සහ ඇන්සැක් දිගු නිවාඩු සති අන්තයේ පෙට්‍රල් මිල ගණන් අඛන්ඩව පහත වැටිය යුතු බවයි NRMA පවසන්නේ.

එන්.ආර්.එම්.ඒ. ට අනුව, සිඩ්නි හි පෙට්‍රල් මධ්‍යස්ථානවලින් සියයට 73 ක පෙට්‍රල් මිල ලීටරයකට ශත 170 කට වඩා අඩු මිලකට විකුණනු ලබයි.

එහෙත් මෙල්බන් හි ලීටරයක මිල ශත 199.1 ක් ලෙස ඉහළ අගයක් වනු ඇති බවයි NRMA කියාසිටියේ.

වික්ටෝරියා කලාපයේ මිල අඩුවීමට ඉඩ ඇති බැවින් මෙම සතියේ සංචාරයන් හි යෙදෙන මෙල්බන් වැසියන් නගරයෙන් පිටත ඉන්ධන පිරවීම් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.