Search

ඔස්ට්‍රේලියා හෙදියකට පැනවූ තහනම

ව්‍යාජ ලියකියවිලි සකස් කර බරපතල වෘත්තීය විෂමාචාරයක් සිදු කළ බවට පිළිගත් 30 හැවිරිදි හෙදියක් වන සයිඩ් හුස්නේන් මාස 18 කට සේවය තහනම් කර තිබෙනවා.

දකුණු ඕස්ට්‍රේලියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාව විසින් සොයා ගන්නා ලද්දේ හුස්නේන් මීට පෙර 2020 මැයි මාසයේදී ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සියට (AHPRA) ඉදිරිපත් කරන ලද භාෂා පරීක්ෂණ ප්‍රතිඵලයක් ⁣මෙලෙස ඉදිරිපත් කර ඇතිබවයි.

දකුණු ඕස්ට්‍රේලියාවේ ෆ්ලූරියු අර්ධද්වීපයේ රෝහලක රැකියාවක් ලබා ගැනීමේ උත්සාහයක දී මෙම විෂමාචාරය සිදු කර ඇති බවටයි අනාවරණයවුනේ.

හුස්නේන් බලාපොරොත්තු සුන්වීමෙන් හා භීතියෙන් ක්‍රියා කළ නමුත් දිගින් දිගටම ව්‍යාජ තොරතරු සැපයීම කිසි විටෙකත් පිළිගත නොහැකි බවයි විනිශ්චය සභාව සඳහන් කර ඇත්තේ.

හුස්නේන් වෙනමම අවස්ථා තුනකදී ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම දිගටම කරගෙන ගොස් ඇති බවටයි වාර්තාවන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස හුස්නේන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලද අතර, මාස 18 ක් සඳහා නැවත අයදුම් කිරීමට ඔහුට නුසුදුස්සෙකු වී තිබෙනවා.

මෙම කාල සීමාව තුළ ඔහුට කිසිදු සෞඛ්‍ය සේවාවක් සැපයීම ද තහනම් කර ඇති අතර ඔහු සමාව අයැද සිටි බවද වාර්තා වනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »