
පොප් ගායිකා කේටි පෙරී සහ තවත් කාන්තාවන් පස් දෙනෙකු අභ්‍යවකාශ සංචාරක රොකට්ටුකින් අභ්‍යවකාශයට යාමට සූදානම් වනවා.
ඒ ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් හි නිව් ෂෙපර්ඩ් සමාගමේ රොකට්ටුවකින් බවටයි වාර්තා වන්නේ.
ප්‍රකෝටිපතියෙකු වන ජෙෆ් බෙසෝස් හිමිකාරිත්වය දරන බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගම අතිශය ධනවත් පුද්ගලයන්ට අභ්‍යවකාශ සංචාර සඳහා අවස්ථාව ලබාදෙනු ඇති.

පොප් ගායිකා කේටි පෙරී සමඟ බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස් සහ CBS නාලිකාවේ ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වන ගේල් කිං ද මෙම චාරිකාවට එක්වන බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම , නාසා රොකට් විද්‍යාඥ අයිෂා බෝව් (Aisha Bowe ) , සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනී අමන්දා න්ගුයෙන් ( Amanda Nguyen ) සහ චිත්‍රපට නිෂ්පාදක කෙරියෑන් ෆ්ලින් ( Kerianne Flynn ) ද ඒ අතර වනවා.

නිව් ෂෙපර්ඩ් රොකට්ටුව එහි බටහිර ටෙක්සාස් දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීමට නියමිතයි.
ගුවන් ගමන මිනිත්තු 11 ක් පමණ පවතින අතර කාර්ය මණ්ඩලය පෘථිවියට කිලෝමීටර 100 කට වඩා වැඩි දුරක් ගෙන යන අතර, ජාත්‍යන්තරව පිළිගත් අභ්‍යවකාශ සීමාව තරණය කිරීමට අවස්ථාවක් ලබා දෙන බවටයි වාර්තාවන්නේ .