Search

තීරු බදු යුද්ධය ගැන කියන චීන ජනාධිපති

වෙළඳ යුද්ධයක හෝ තීරු බදු යුද්ධයකින් කිසිවෙකු ජය නොගන්නා බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසනවා.

අග්දිග ආසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරකයක් ආරම්භ කරමිනුයි ඔහු මෙම අදහස් පළකර ඇත්තේ.

ට්‍රම්ප් චීනයට එරෙහි ඇතැම් තීරු බදු අත්හිටුවා ඇතත්, ඔහු ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය මත සියයට 145 ක තීරු බදු පනවා තිබුණා.

විවෘත සහ සහයෝගී ජාත්‍යන්තර පරිසය ආරක්ෂා කිරීමේ වගකීම ඇමරිකාව සහ චීනය රටවල් දෙකටම සතු බවයි චීන ජනාධිපති ෂී ජින්පිං පවසන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ලෝකයටම වගකිව යුතු බව සිංගප්පුරුවේ  ISEAS හි Nguyen Khac සඳහන් කළා.

ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාට ගරු කරන බව ප්‍රකාශ කළද ඔහු ආසියාතික නායක හමුව අර්ථදක්වා ඇත්තේ ඔවුන් එක්සත් ජනපදයේ වෙළඳාම අවාසිදායක තත්වයකට පත්කිරීමට උත්සහ කරන බවයි.

චීනය හා වියට්නාමය ඇමරිකාව කඩාකප්පල් කිරීමේ උත්සහයක පසුවන බවද ට්‍රම්ප් සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් වියට්නාමය, එක්සත් ජනපදය හා ඇමරිකාව සමතුලිත සබඳතාවක් ගොඩනැගීමේ කාර්යක නිරතව සිටිනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »