
මෙල්බන් රාජකීය ළමා රෝහලේ සේවක කප්පාදු සැලසුම යළි අවලංගු කර තිබෙනවා.
අරමුදල් පහත වැටීම හේතුවෙන් ළමා රෝහලේ පිළිකා මධ්‍යස්ථානයේ රැකියා ගණනාවක් කප්පාදු කිරීමටයි බලධාරීන් සැලසුම්කර තිබුණේ.
ඒ හෙද උපදේශකයෙකු, සායනික ස්නායු මනෝ විද්‍යාඥයෙකු, මානසික සෞඛ්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කලා චිකිත්සකයින් 3 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ඉවත් කිරීමටයි.

ඡායා සෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජික් රොසියර් පැවසුවේ කප්පාදුව පිළිගත නොහැකි බවයි.