Search

ෆෙඩරල් සටනේ බදු ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක්

ෆෙඩරල් මැතිවරණයට තවත් සති 3 කට අඩු කාලයක් තිබියදී කම්කරු හා සන්ධාන පක්ෂයන් ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමේ දැඩි සටනක යෙදී සිටිනවා.

ඒ වෙනුවෙන් ජනතාව ආකර්ෂණය කර ගැනීමට සිය බදු ප්‍රතිපත්ති පක්ෂ දෙකම විසින් අනාවරණය කරනු ලැබුවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් මිලියන 6 කට අඩු කම්කරුවන්ට පමණක් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන ක්ෂණික කප්පාදුවක් හෙළි කරනු ලැබුවා.

විපක්ෂ නායක පීටර් ඩටන් මිලියන 10 කට අධික බදු ගෙවන්නන් සඳහා වසරක කප්පාදුවක් ගැන අනාවරණය කළා.

ඒ අනුව ලේබර් නැවත තේරී පත් වුවහොත්, 2026-27 බදු වර්ෂයෙන් ආරම්භ වන “ක්ෂණික බදු කප්පාදුව” ලෙස හඳුන්වන දේ නීතිගත කරනු ඇති.

ලේබර් පවසන්නේ මෙම ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියානුවන් මිලියන 5.7 කට පමණක් වාසි දායක වන බවයි.

කෙසේවෙතත් පීටර් ඩටන්ගේ බදු ප්‍රතිපත්තිය 2025/26 වසරවලදී ඩොලර් 144,000 ක් දක්වා උපයන ඕනෑම අයෙකුට යම් ආකාරයක ඕෆ්සෙට් සඳහා සුදුසුකම් ලබනවා.

සන්ධානයට අනුව, එය ඔස්ට්‍රේලියානුවන් මිලියන 10 කට වඩා අධික සංඛ්‍යාවකට බලපාන අතර එය සියලු බදු ගෙවන්නන්ගෙන් සියයට 85 ක් බවයි කියාසිටින්නේ.