
ඔස්ට්‍රේලියානු දරුවන්ගේ ගණිතය සම්බන්ධයෙන් දැනුම පිළිබඳ නව වාර්තාවකින් අනාවරණයක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අනෙක් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දරුවන් ගණිතය පිළිබඳ අඩු දැනුමක් පවතින බවයි.
ගුරුවරුන්ට ද විෂය ඉගැන්වීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මේ හේතුවෙන් ඉගැන්වීම් පිළිබඳව මෙන්ම ගුරුවරුන් සඳහා වැඩි වෘත්තීය සංවර්ධනයක් ඇතුළු ගැටළු ගණනාවකට විසඳුම් සෙවීමට ඔස්ට්‍රේලියානු රජයට සිදුවන බවයි පර්යේෂන ආයතනය අවධාරණය කරන්නේ.
2023 වසරේ ජාත්‍යන්තර ගණිත පරීක්ෂණයෙන් 4 වසර සිසුන්ගෙන් සියයට 13 ක් පමණක් දක්ෂතාවය පෙන්වා ඇති අතර එය එංගලන්තයේ සියයට 22 ක්, අයර්ලන්තයේ 16%ක් ජපානයේ 32% ක් වනවා.

ඔස්ට්‍රේලියාවේ ගණිත ඉගැන්වීම් ක්‍රම පිළිබඳ රජය වඩා නැඹුරුතාවක් දැක්විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.