
බ්‍රිස්බන් ගුවන් තොටුපළෙන් පිටත කුලී රියදුරන් ඉහළ ගාස්තු අය කරන බවට චෝදානා එල්ල වී තිබෙනවා.
ස්කොට්ලන්ත ජාතික යුවළක් පසුගියදා බ්‍රිස්බන් ගුවන් තොටුපළේ සිට සිඩ්නි වරායක් වෙත ළඟාවීම සඳහා මෝටර් රථයක් ලබාගැනීමට උත්සහ කර තිබෙනවා.
Uber වෙන්කිරීම් අඛන්ඩව ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ඔවුන් බ්‍රිස්බන් ගුවන් තොටුපළෙන් පිටත Black and white Taxi රියදුරෙකු වෙත ගොස් තිබෙනවා.

එහිදී කිලෝ මීටර් 11 ක ගමන සඳහා ඩොලර් 59 ක ගාස්තු අය කිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එය ගමනට අයකළ යුතු මුදලට සාපේක්ෂව දෙගුණයක් බවයි විදේශීය යුවළ අනාවරණය කරගෙන ඇත්තේ.

ඔහු විසින් ගමන වීඩියෝ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාල කැබ් රථ සමාගමට දැනුම් දී තිබෙනවා.
විදේශිකයින් පවසන්නේ ගමනේ කාලය විනාඩි 17 ක් වන අතර ඒ සියල්ල ඔහු විසින් පටිගත කර තිබූ බවයි.
කෙසේවෙතත් රියදුරු වරද පිළිගෙන ඇති අතර හිතාමතා අධික මුදලක් අය කිරීම හේතුවෙන් මුළු මුදලම ආපසු ගෙවීමට ඔහු පොරොන්දු වී තිබෙනවා.