
ඔස්ට්‍රේලියාවේ ළමුන් අතර ව්‍යාප්තව වන ඉන්ෆ්ලුවන්සා බී වෛරසය හේතුවෙන් දරුවන් එන්නත් සඳහා යොමුකරන්නැයි වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා බී රෝගීන් සංඛ්‍යාව මෑත කාලයේ ඉහළ මට්ටමකින් වාර්තා වන බවයි බලධාරීන් පවසන්නේ.
ඒ අනුව මේ වසරේ වයස අවුරුදු 5 ත් 9 ත් අතර ළමුන් 7000 කට වැඩි සංඛ්‍යාවක් එම රෝගයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය හා වයස්ගත සත්කාර දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා.

වයස අවුරුදු 9 ට අඩු ළමයින්ට පසුගිය වසරේ ඉන්ෆ්ලුවන්සා සඳහා වැඩිම දැනුම්දීමක් සිදුකර ඇති නමුත් අඩු එන්නත් අනුපාතයක් වාර්තාවීම කණගාටුදායක බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇන්තනි ලෝලර් පැවසුවා.
ඉන්ෆ්ලුවන්සා සහ Respiratory virus සම්බන්ධ මරණ 2023 ට සාපේක්ෂව 2024 වසරේ ද ඉහළගොස් තිබෙනවා.

ඉන්ෆ්ලුවන්සා, Respiratory virus සහ කොවිඩ් – 19 සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් නොවන බවට මතක තබාගත යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.
මේවා ඉතා බරපතල වෛරස් වන අතර එය වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න ළමුන් සහ වැඩිහිටියන් අතර දරුණු රෝගාබාධ, රෝහල් ගත කිරීම් සහ මරණයට පවා හේතු විය හැකි බවයි ප්‍රධාන වෛද්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.