
ඔස්ට්‍රේලියාවේ විදේශීය සංක්‍රමණිකයින්ගේ ආයුකාලය ඉහළ මට්ටමක පවතින බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 85 යා මාස 7 ක අගයක් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.
එය විශ්‍රාමික වයස අවුරුදු 60 ට වැඩියෙන් තවත් අවුරුදු 25 ක කාලයක් ජීවත්විය හැකි බවයි නව අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ.

විදේශික රක්ෂණ සමාගමක් වන විලියම් රසල් විසින් විශ්‍රාමික විදේශිකයින් සඳහා දීර්ඝතම සහ කෙටිම ආයු අපේක්ෂාව ඇති රටවල් පිළිබඳ නව අධ්‍යයනයක් සිදුකෙරුණා.
ඒ වයස අවුරුදු 60 සිට ආයු අපේක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින්.

විශ්‍රාමිකයින්ට විදෙස් රටකදී සෞඛ්‍ය සම්පන්න සහ දිගු ආයු කාලයක් භුක්ති විඳිය හැකි ස්ථාන ඉස්මතු කිරීම මෙහි අරමුණ වනවා.
ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය විශ්‍රාමිකයන් සඳහා හොඳම සෞඛ්‍ය සම්පන්න රටවල් 10 අතරට පැමිණ නොමැතිවීම විශේෂත්වයක්.
ඒ අනුව විශ්‍රාම දිවියෙන් කාලය ගතකිරීමට හොඳම රට බවට පත්ව ඇත්තේ ජපානය වන අතර එහි ආයු කාලය අවුරුදු 86 මාස 6 ක්.
දෙවැනියට හොඳම ආයු කාලයක් ඇති රට වන්නේ දකුණු කොරියාව වන අතර එහි ආයු කාලය අවුරුදු 86 යි මාස 2 ක් වනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේදී තුන් වන ස්ථානය සිංගප්පුරුවටත් හතර වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබීම කැපීපෙනවා.
මේ අතර කෙටිම ආයු කාලයක් ඇත්තේ දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව හා ඉන්දියාව වැනි රටවලටයි.