Search

සිඩ්නි වරායකට වැටුණු මෝටර් රථයක් අතුරුදන් වෙයි

මෝටර් රථයක් සිඩ්නි වරායකට වැටී අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

සිඩ්නි හි පහළ උතුරු වෙරළට ඔබ්බෙන් මෝටර් රථයක් බෝට්ටු රෑම්ප් එකකින් පෙරළී අතුරුදන්ව තිබෙනවා.

එම මෝටර් රථයෙන් කාන්තාවක් ද අනතුරට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ සිදුවූ සිද්ධියෙන් අතුරුදන් වූ මෝටර් රථයේ රියදුරු බේරාගැනීම සඳහා ගිනි නිවන භටයින්, අතුරු වෛදවරුන් සහ පොලීසිය ද මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා.

ජලයේ සිටි කාන්තාව ගොඩට ගෙන වෛද්‍යවරුන් එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදෙනු ලැබුවා.

මෝටර් රථය මීටර් 10 ක් පමණ දියයට ඇති බවයි පොලීසිය විශ්වාස කරන්නේ.

පොලිස් කිමිදුම්කරුවන් වාහනය සෙවීම සඳහා වරායේ පතුල ගවේෂණය කරනු ලබනවා.

පරිසරයේ පවතින අඳුරු ආලෝකය හේතුවෙන් මෝටර් රථය ගොඩගැනීමේ කටයුතු හෙට සිදුකිරීමට සිදුවනු ඇති බවයි සිඩ්නි පොලීසිය විශ්වාසය පළකරන්නේ.