
පාස්කු දිගු සති අන්තයේ ප්‍රවේශමෙන් රිය ධාවනයේ යෙදෙන්නැයි ෆෙඩරල් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම දිනවල බොහෝ ඔස්ට්‍රේලියානුවන් පවුලේ අය සහ මිතුරන් බැලීමට හෝ විවේකයෙන් සිටීමට සංචාරයන් හි නිරත වනු ඇති.
නිවාඩුවේ උපරිමය භුක්තිවිඳීමට නම් සැලකිලිමත් වන්නැයි පොලීසිය ඉල්ලා සිටිනවා.

පාස්කු නිවාඩුව යනු ඔස්ට්‍රේලියානු මාර්ගවලට වඩාත් භයානක කාලපරිච්ඡේදයක් බවට සිහි තබාගත යුතු බවයි පොලීසිය අවධාරණය කරන්නේ.
මේ හේතුවෙන් රට පුරා පොලිස් මුර සංචාරයන් යොදා ඇති බවද ෆෙඩරල් පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව පාස්කු නිවාඩුවේ අප්‍රේල් 17 සිට අප්‍රේල් 21 දක්වාත් ඇන්සාක් දින වන අප්‍රේල් 24 සිට අප්‍රේල් 27 දක්වාත් රථ වාහන මෙහෙයුම් දියත් කරනු ඇති.
වේගයෙන් රිය ධාවනය කිරීම, නීති විරෝධී දුරකථන භාවිතය, ආසන පටි නොමැතිවීම සහ යතුරු පැදි හිස්වැසුම් නොපැළඳීම වැනි වැරදි සඳහා Double demerits ලකුණු වලංගුවේ.
රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දුරකථනය ඉවතට තබන ලෙසත්, මන්දගාමීව රිය ධාවනයේ යෙදෙන ලෙසත්, අනාරක්ෂිත ලෙස ඉක්මවායාමෙන් වළකින ලෙසත්, ඉවසීමෙන් කටයුතු කරන ලෙස හා වෙහෙසට පත්වූ විට විවේක ගන්නා ලෙසයි.