Search

සිඩ්නි ඉදිකිරීම් භූමියක පුද්ගලයෙකු සිරවෙයි

සිඩ්නි නගරයේ මහල් ගණනාවකින් යුත් ඉදිකිරීම් භූමියක තට්ටුවක් හරහා පුද්ගලයෙකු සිරවී සිටින බවට වාර්තා වනවා.

20 හැවිරිදි මෙම කම්කරුවා වැඩබිමේ මීටර් 3 ක් පමණ ඇද වැටී සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිත තර්ජනයක් නොවන තුවාල සමග මනා සිහියකින් ඔහු එම ස්ථානයේ රැඳී සිටින බව නිව් සවුත්වේල්ස් වාර්තා කියාසිටිනවා.

අතුරු වෛද්‍යවරුන් සහ ගිලන් රථ ද එම ස්ථානයේ මේ වනවිට යොදවා තිබෙනවා.

බේරාගැනීමේ  මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ෆෙඩරල් පොලීසිය කියාසිටියේ.