
දීර්ඝ නිවාඩුව හේතුවෙන් රට පුරා ඇති ප්‍රධාන වෙළඳසැල් ක්‍රියාත්මක වන වේලාවන් මෙන්ම වසා තැබෙන දිනයන් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියා ප්‍රධාන වෙළඳසැල් වන Woolworths, Coles, Aldi, Bunnings and Big W විවෘතව තබන වේලාවන් මෙසේයි.
අප්‍රේල් 18 මහ සිකුරාදා දින සියලුම ප්‍රාන්තවල වෙළඳ සැල් වසා තැබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වික්ටෝරියාවේ පාස්කු සෙනසුරාදා එනම් අප්‍රේල් 19 සිට 21 වනදා සෑම වෙළඳ සැලක්ම විවෘතව තබන බව වාර්තා වනවා.
නිව් සවුත්වේල්ස් හි පාස්කු සෙනසුරාදා සියලුම වෙළඳසැල් විවෘතව තබන නමුත් පාස්කු ඉරිදා ප්‍රධාන වෙළඳසැල් කිහිපයක් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

දකුණු ඔස්ට්‍රේලියාව සහ උතුරු ප්‍රදේශ හැරුණුවිට සියලුම වූල්වර්ත්ස් වෙළඳසැල් රට පුරා විවෘතව තැබෙනු ඇති.
කෝල්ස් දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ වෙළඳසැල් වසා දැමෙන අතර සෙසු ප්‍රදේශ සඳහා සියලුම වෙළඳසැල් විවෘතව තැබෙන අතර එය අඩු කාලයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.