Search

Bupa Aged Care ආයතනයට චෝදනාවක් – නඩුත් පැවරෙයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාරක ආයතනයක් වන Bupa හි සිය නේවාසික නිවාසවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

ෆෙඩරල් අධිකරණ නීතියට අනුව චෝදනා කරන්නේ 2019 ජූලි සහ 2025 අප්‍රේල් අතර කාලය තුළ Bupa Aged Care ආයතනය පොරොන්දු වූ ප්‍රමිතීන් ඉටු කිරීමට අපොහොසත් වූ බවයි.

Bupa Aged Care ආයතනය රැකවරණය සඳහා අවම පිළිගත හැකි මිනුම් දණ්ඩ සපුරාලීමට අපොහොසත් වූ බව මෙල්බන් Echo Law හි ජ්‍යෙෂ්ඨ සහායක Lauren Meath කියාසිටියා.

ඉහළ මට්ටමේ ප්‍රමිතියෙන් තොර රැකවරණයන් පිළිබඳ Bupa Aged Care ට එරෙහිව සාක්ෂි පවතින බවද ඔහු සඳහන් කළා.

Bupa Aged Care ආයතනයේ පවතින අඩු කාර්ය මණ්ඩලය සහ නිවැරදි කාර්ය මණ්ඩල නිපුණතා නොමැතිවීම මෙම අසාර්ථකත්වයට හේතුවන බවයි අනාවරණය වී ඇත්තේ.

උල්ලංඝනය කිරීම් වෙනුවෙන් Bupa Aged Care ආයතනයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.