
2025 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි මහ බැංකුව පවසනවා.
2025 වසරේ පළමු කාර්තුවේදී සංචාරකයින් 722,276 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එය 2024 වසරට සාපේක්ෂව 13.6% ක ඉහළ යාමක්.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,122.3 ක් වනවා.
එය 2024 පළමු කාර්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 1,025.9 ක් ලෙස වාර්තා වුණා.

සංචාරක ආදායම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සියයට 9.4 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි මහ බැංකු වාර්තා පෙන්වාදෙන්නේ.