Search

බ්‍රිස්බන් හි වාහන 3 ක් එකිනෙකට ගැටයෙි

ගිනිකොනදිග ක්වින්ස්ලන්ඩ් හි ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.40 ට පමණ උතුරු බ්‍රිස්බන් හි Bald Hills හි Gympie Arterial මාර්ගයේ වාහන 3 ක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබෙනවා.

නවතා තිබූ වාහන දෙකක වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

නවතා තිබූ රථයක සිටි කාන්තාවක් එම ස්ථානයේදීම මියගිය බවද පොලීසිය කියාසිටියා.
තුවාල ලැබූ දස දෙනා අතර 3 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.