“සහය දුන් සැමට ස්තූතියි” – දිමුත්ගෙන් ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න මේ වන විටත් ඉවත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

33 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වයට පත්විය.

ඒ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 23 වන නායකයා ලෙසය.

2019 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ඔහුගේ නායකත්වය යටතේය.

කෙසේ වෙතත් දිමුත් මේ දක්වා එක්දින තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 10ක් ජය ගැනීමට සමත්ව තිබේ.

ඔහුගේ නායකත්වය යටතේ පරාජය වු එක්දින තරග සංඛ්‍යාව 7කි.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “සහාය දුන් සැමට ස්තූතියි” යන්නය.

මේ අතර දිමුත්ගෙන් ඉවත්ව ඇති ශ්‍රී ලංකා එක්දින නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමි වීමට වැඩි ඉඩක් පවතින බවද ඊයේ තොරතුරු වාර්තා කළේය.

එමෙන්ම බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත එක්දින සංචිතය පිළිබඳ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් අර්නොල්ඩ් ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් තර තිබුණේ නව තේරීම් කමිටුවේ චින්තනයට තමන් කැමැති බවය.

https://twitter.com/RusselArnold69/status/1391356182120386564?s=20

එහෙත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කර තිබුණා.

https://twitter.com/fernandoharin/status/1391436692209344517?s=20

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »